පොලිස්පතිගේ වාර්තා සමාලෝචනය කෙරේ
පොලිස්පතිවරයා විසින් තම කොමිසම වෙත යොමු කර ඇති වාර්තා දෙකක් සමාලෝචනය කිරීම සඳහා ලබන අඟහරුවාදා රැස්වන බව රාජ්‍ය සේවා කොමිසම පවසයි.
පොලිස්පතිවරයා එම වාර්තා දෙක යොමු කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම විසින් කරනු ලැබ විමසීම්වලට ප්‍රතිචාර ලෙසය.
අදාල විමසීම් දෙකෙන් පළමු වැන්නෙන් කොමිසම අවධානය යොමු කර තිබුණේ දිවයින පුරා පොලිස් ස්ථාන 182 කට දේශපාලන බලපැම් මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කළ බවට පොලිස්පතිවරයා කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
රාජ්‍ය සේවා කොමිසමේ දැනුම් දීම මත පොලිස්පතිවරයා දින 7ක් ඇතුලත අදාල වාර්තාව කොමිසම වෙත යොමු කර තිබේ.
Aruna