තේ අපනයනයේදී රටට හිමි විය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. සතියකට දෙවරක් සිදු කෙරෙන තේ වෙන්දේසිය සදහා අපනයනකරුවන් 300 ක් පමණ ඵක්වනවා. ඵහිදි මේ වන විට ඔවුන් මුදල් ගෙවනු ලබන්නේ රුපියල් වලින්.
තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදුකිරීමට ඇති හැකියාව පිළිබද වහාම සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.
වැවිලි ක්‍ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විෂයභාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර වැවිලි ක්‍ෂ්ත්‍රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සදහා ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවද එහිදී සාකච්ඡා කර තිබෙනවා. අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ සහිතව කර්මාන්ත ශාලා හිමිකරුවන්ට නම් කරන ලද පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව ලබාදීමට එහිදී තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.
Neth