Friday, February 13, 2026
Follow Us
ඩීසල් බෙදාහැරීම සීමා කරයි

පෙට්‍රල් බෙදාහැරීම් සාමාන්‍ය පරිදි


ඩීසල් තොග සීමාසහිත වීම හේතුවෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීම සිදුකරන බව බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ දෛනිකව බෙදාහරින ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,500ක් පමණ දක්වා අඩුකර ඇති බවයි.

මේ වන විට සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක පමණ සංචිතයක් පවතින බව වාර්තා වේ.

තවත් ඩීසල් තොගයක් ඇණවුම් කර තිබුණ ද එම තොගය ලබාදීම සම්බන්ධයෙන් සැපයුම්කරුවන් මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ලබන 9 වනදා හෝ 10 වන දිනට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව පැමිණීම අවිනිශ්චිතව ඇත.

කෙසේවෙතත් ඉන්දීය ණය පහසුකම යටතේ මීළඟ ඩීසල් තොගය සහිත නෞකාව ලබන 16 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ඉදිරි දින 11ක පමණ කාලය තුළ සංස්ථාව සතුව පවතින ඩීසල් තොග සීමා සහිතව නිකුත් කරනු ලබන අතර නැවත ඩීසල් තොගයක් මෙරටට ලැබෙන තෙක් එය කලමණාකරණය කර ගැනීමට සිදුවේ.

කෙසේවෙතත් පෙට්‍රල් තොග සාමාන්‍ය පරිදි බෙදාහැරීම් සිදු කෙරේ.

Aruna