ජලය පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් නළ ජලය පානයට සුදුසු තත්ත්වයකින් ලබා නොදෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
රට අර්බුද ගණනාවකට මුහුණදෙමින් තිබියදී කෘෂිකර්ම අමාත්‍ය ධුරය බාර ගැනීම දැවැන්ත අභියෝගයක් බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා ඊයේ සිය ධුරයේ වැඩ අරඹමින් මේ බව ප්‍රකාශ කළේය.
නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.
කලින් දින සහ වේලාවන් වෙන් කර ගත් පුද්ගලයින් සඳහා පමණක් එක්දින හා සාමාන්‍ය සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
Prime Minister Ranil Wickremesinghe is tipped to be sworn in as the Minister of Finance and Economic Policies and Plan Implementation today by President Gotabaya Rajapaksa.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු සිය නව අමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නේය.
අද (24) අළුයම 03.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකෙරුණු ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන්වල ද මිල ගණන් වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
නව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි.
Page 183 of 641