Friday, February 13, 2026
Follow Us
රටේ කන්න ඇති සහල් සංචිතය ගැන අනාවරණයක්

රට තුළ ඇති සහල් සංචිතය ලබන සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාණවත් වනු ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ මහ කන්නයේ අස්වනු නෙලීම සිදුවන තෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට සිදුවන බවයි.

සාමාන්‍යයෙන් මහ කන්නයෙන් ලැබෙන සහල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් ලක්ෂ 18 ක්. එය මාස 09 කට ප්‍රමාණවත් වනවා. යල කන්නයෙන් ලැබෙන සහල් ප්‍රමාණය ද සමග සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ අතිරික්ත සහල් තොගයක් ශ්‍රී ලංකාව තුළ ඉතිරි වනවා. එහෙත් මෙවර මහ කන්නයේ අස්වැන්න සියයට 40 ත් 50 ත් අතර අගයකින් අඩුවීම සහ යල කන්නයේ අස්වැන්න ඊටත් වඩා අඩුවේයැයි සිදුකර ඇති පුරෝකතනයන් හේතුවෙන් රටේ සහල් සංචිත පිළිබඳ මේවනවිට පවතින්නේ දැඩි අර්බුදයක්.

කාබනික පොහොර ගැටළුවත් සමග මහ කන්නයේ අස්වැන්න අඩුවී ඇති පසුබිමක් තුළ යල කන්නයට ද තවමත් වගා කිරීම සඳහා පොහොර ලැබී නැහැ.

Neth