වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් බවත් ලක්ෂ 220ක් වූ ජනතාව වැල් පාලමෙන් හෙලට තල්ලුකොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතාම ඉහළ මට්ටමක පවතින බවට පළවූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවා ඇති කාරක සභාවක් වන ජාතික සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු නොවන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මුළු රටේම දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නොමැති නමුත් යම් යම් ප්‍රදේශවල පෝෂණ ඌණතාවන් ඇති දරුවන් සිටින බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
අධි ආරක්ෂක කලාප පිහිටුවීමට රජය ගෙන ඇති තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කළේය.
ජනතාව තවදුරටත් මුලා කරන්නේ නම් එහි ප්‍රතිවිපාක නුදුරේදීම අත්විදීමට ආණ්ඩුවට සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකින් ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
සංචාරක කර්මාන්තය නගාසිටුවීමෙන් ඩොලර් අර්බුදයට මෙන්ම රුපියල් අර්බුදයට ද විසඳුම් ලබාගත හැකි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා වෙනස් නොවුණද මේ මොහොත වන විට මැතිවරණයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. අවම වශයෙන් නගර සභා, ප්‍රාදේශීය සභාවලට හෝ ජනබලයක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රී කාලයෙහි මිනිසුන් විනෝද වීම තුළින් රජයට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් බවත් ඇතැමුන් එය වැරදියට අර්ථකථනය කරමින් සිටින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
අරගලය ක්‍රියාත්මක වූ ස්ථාන ඉලක්ක කරගනිමින් අධි ආරක්ෂක කලාප නම් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.
Page 108 of 551