සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම ජාතික අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
බංකොලොත් බවට පත්ව ඇති රට ගොඩනැගීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට මෙතෙක් ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. පක්ෂයේ සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහභාගී වන මෙම රැස්වීම අද පස්වරු 2ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
ලබන වසරේදී (2023) ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.
‘කරු පායයි හිරු‘ යන සටන් පාඨයෙන් තමා දේශපාලන දිවිය ආරම්භවන මුල් කාලසීමාව තුළදී, දේශපාලනයට පිවිසීමට තමා කැමැත්තකින් නොසිටි බවත්, තමා දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරාධනය මත බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ගල් අඟුරු මිලදී ගැනීමේදී වංචනික ගණුදෙනුවක් සිදුනොවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
මෑත ඉතිහාසයේ රට මුහුණදුන් බරපතලම ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් පැරණි කෝන්තර අමතක කර පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් විශේෂ ඉල්ලීමක් කළේය.
තමන්ට පෙනෙන ආකාරයට නම් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට්ටවීමට ඇතැමුන් උත්සාහ කළත් එම පක්ෂය යනු අළු මතින් නැඟී සිටීමට හැකි පක්ෂයක් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනුකමිටු දෙක පළමුවරට අද රැස් වෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එම කමිටු දෙක සදහා සාමාජිකයන් පත් කිරීම ඊයේ සිදු කෙරුණා.
කැබිනට් තනතුරු පෙන්වා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු බිලිබා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ආණ්ඩුවේ නායකයන්ගේ එම උත්සාහය කිසිසේත්ම සාර්ථක නොවන බවයි විපක්ෂ නායකයා පවසන්නේ.
Page 108 of 556