පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය සංශෝධනය සදහා මේවනවිට ගනු ලබන උත්සාහය, අවංක උත්සාහයක් නොවන බව පූර්ව අත්දැකීම් අනුව පෙනී යන බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී බලයේ සිටින කණ්ඩායම තමන්ට වාසිදායක අයුරින් එම සංශෝධන ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමෙන් පොදු එකගතාවක් ඇති කරගැනීම දුෂ්කර වී ඇති බවයි.
මැතිවරණ ක්‍රමයන් සංශෝධනය කිරීමට යාමේදී මීට පෙර ඇති වූ තත්ත්වයන් පිළිබද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී කරුණු දැක්වූවා.
මේ අතර පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා පැවසුවා.
Neth