ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මුදල් ලබාදී ආසන සංවිධායක ධුරයක් ලබාගත හැකි බවට ඊයේ ප්‍රචාරය වූ පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර පවසනවා.
රුපියල් ලක්‍ෂ 10 ක් ලබාදෙන පුද්ගලයෙකුට එම පක්‍ෂයේ ආසන සංවිධායක ධූරයක් ලබාගත හැකි බවටත් රුපියල් ලක්‍ෂ 40 ක් ලබාදෙන පුද්ගලයෙකු කඩිනමින් ආසන සංවිධායක ධුරයක් ලබාගත හැකි බවටත් ඊයේ අනාවරණ කෙරුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා එය ප්‍රතික්‍ෂේප කළද මුදල් ලබාදෙන පුද්ගලයන්ට පක්‍ෂය විසින් ආසන සංවිධායක ධුර ලබාදෙන බවට සියලු විස්තර සහිතව ඉදිරියේදී මාධ්‍ය හමුවේ හෙළි කරන බවයි එම පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
Neth