Saturday, January 31, 2026
Follow Us
ඉර හඳ තිබෙනතාක් 22 සම්මත වෙන්නේ නැහැ – ජී.එල්.

ඉර හඳ තිබෙනතාක් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

ඒ, අද (10) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මෙම සංශෝධනය තුළ ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි බවට වන සංශෝධනය තිබෙන තෙක් එය නීතිගත කිරීමට නොහැකි වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය මත ඇසීමට ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ කවුරු විසින් කාගේ ප්‍රයෝජනය සඳහා ද යන්න බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

රටේ ජනතාවට වේල දෙකක් කන්න නැති අවස්ථාවක රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් පත්කර තිබෙන අතර ඔවුන්ට කිසිදු මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බවත් කාර්ය භාර්යයක් පනවා නොමැති බවත් ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.

අවම වශයෙන් ලේකම්වරයෙක් හෝ නොමැති බවත් ජනතාවට ඔවුන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් නොමැතිබවත් හෙතෙම අවධාරණය කරන ලදී.

LNW