Saturday, January 31, 2026
Follow Us
බදු මුදල් වියදම් කිරීම් සීමා කරන්නැයි ඉල්ලීමක්

ආරක්ෂක අමාත්‍යාංශය සදහා වෙන් කෙරෙන මුදල සීමා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු ආදායමෙන් ලැබෙන මුදල් වියදම් කළ යුත්තේ අත්‍යවශ්‍යම කාර්යයන් සදහා පමණක් බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

2017 අංක 27 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සදහා දේශීය ආදායම් පනත් කෙටුම්පත මේවනවිට ගැසට් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව බදු නිදහස් දීමනාව අවම කර ඇති අතර බදු ජාලයේ පදනම පුළුල් වනවා. එමගින් ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වැඩි මුදලක් ලබන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කෙරෙනු ඇති.

කඩිමුඩියේ ආදායම් බදු ඉහළ දැමීම හරහා අපනයන ආදායමට ද බලපෑම් එල්ල විය හැකි බවයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

Neth