පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සංශෝධන ගෙන එන බවට ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශයේ අරමුණ එම ඡන්දය කල් දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.
නිදහස ජනතා සභාව කොළඹදී අද පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කුමන ආකාරයකින් හෝ මැතිවරණ කල් දැමීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඡන්ද කල් දැමීමට එරෙහිව සමස්ත විපක්ෂය එක්ව ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කළා.
Neth