චාමර සම්පත් ඔත්තු බලයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්තගෙන් හෝ හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායකගෙන් හෝ මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවසක් ඉල්ලා ගත හැකි යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ මහලේකම්වරයා කොළඹ නිල නිවසේ විදුලි බිල නොගෙවන බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සුද්දො වගේ ඉන්නවා නම් සුද්දො වගේ ඉන්න ඕන.
ආණ්ඩුවෙන් යනවා නම් භාර ගෙන සිටින නිල නිවාස ඇතුළු සියලු දේ ලස්සනට භාර දී යායුතුයි.
ගෙවන්න ඕනෑ එක ගෙව්වා නම් ඉවරයිනේ. කාට හරි චෝදනා කරන්න කලින් තමන් පිරිසුදු විය යුතුයි.
ගෙයක් දුන්නේ නැහැ කියලා එතුමා කියනවා මම අහගෙන.
ගෙවල් තිබෙනවා මාදිවෙල. අපිට ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නෙ මාදිවෙල.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන ලාල් කාන්තත් රන්ජන් රාමනායකත් ඉන්නේ මාදිවෙල. එතුමත් මාදිවෙලට ආවා නම් හොඳයි. ඩී. දහය ලාල්කාන්තගේ. ඒ පහ රන්ජන් රාමනායකගේ.
Aruna