බදු සංශෝධන කළ යුත්තේ ජනතාවට හා ආයතනවලට දරා ගැනීමට හැකි වන පරිදි බව සමගි ජනබලවේගය පවසනවා. 12 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ එම බදු සංශෝධන පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බවයි.
ආණ්ඩුව ඒකපාර්ශවීයව බදු සංශෝධනය කිරීමෙන් විශාල හානියක් සිදුවිය හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් පනත් කෙටුම්පත ඊයේ ගැසට් නෙරුණා. මෙම පනත් කෙටුම්පත නව බදු පැනවීම මෙන්ම බදු අනුපාතයන් ඉහල දැමීම ද සිදුකර තිබෙනවා.
ඒ අනුව 2022 වසරේ අප්‍රේල් මස 01 වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ පළමු මාස 06 සඳහා ප්‍රකාශත බදු සංශෝධනවලට අනුව රුපියල් ලක්ෂ 15 ක් නොයික්මන ආදායමක් ලබන පුද්ගලයෙකු සිය ආදායමෙන් සියයට 6 ක ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවිය ගෙවිය යුතුයි.
Neth