Saturday, January 31, 2026
Follow Us
රජයේ වගකීම් සමුදායක් නිසා චම්පිකගේ විදෙස් ගමන් තහනම ඉවතට !

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ගොනු කර ඇති නඩුවට අදාළව ඒ මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය (10) නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට රජයේ වගකීම් සමුදායක් පැවරී ඇති බැවින් මීළඟ නඩු දිනය වන තෙක් විදෙස් ගමන් තහනම අත්හිටුවන ලෙස ය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළේ නැත.

ඒ අනුව පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම 2023 මාර්තු 17 වනදා දක්වා අත්හිටුවීමටත් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ ඇති නම් එය නිදහස් කිරීමටත් නියම කළ විනිසුරුවයා නඩුව 2023 මාර්තු 20 වනදා නැවත කැඳවීමට නියම කළේය.

LNW