අද වන විට රාජපක්ෂ මඩ ෆැක්ටරි ක්‍රියාත්මක වන බවත් සංස්කෘතික අරමුදල සම්බන්ධව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් මඩ ගසමින් සිටින බවත්, මේ අභූත චෝදනා වලට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදය ගැනීමට නියමිතව තිබුණු 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයක පළ කළ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාව සිය අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් නිසි විශ්ලේෂනයක් ලබා නොදීම හේතුවෙන්.
වත්මන් ආර්ථික අර්බුදයෙන්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පීඩා විඳිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වර්තමානයේදී කිසිවෙක් සැපපහසු ජීවිතයක් ගත කරනවා යැයි කිව නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
ශ්‍රී ලංකි නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික සංවිධායක ධුරයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කර නොමැත.
අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව සිදු කළ විවේචනාත්මක ප්‍රකාශයක් තුළින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
සෑම දරුවකුටම හිමි අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම රටේ පාලකයන්ගේ වගකීම බවත් රටේ අනාගත පරපුර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැංවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
මෙරට දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට බලාපොරොත්තුවන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.
රටේ නිර්මාණය වූ ජනතා අරගලය ජයග්‍රහණය කරා ගෙනයාමට නොහැකි වූයේ එහි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසා බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ ණය හිමියන් සමග සාකච්ඡා කළ යුත්තේ මෙරට ජනතාවට දරාගත හැකි මට්ටමේ වැඩපිළිවෙලක් බව සමගි ජන බලවේගය පවසනවා.
රාජ්‍ය ඇමතිවරුන් 38 ක් පත්කළ වත්මන් ආණ්ඩුව තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් පත් කිරීමට සූදානමින් සිටින බව මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉහළ දැමූ විදුලි බිල් ගෙවාගත නොහැකිව, තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව රටේ බහුතර ජනතාව දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටියදී ආණ්ඩුව තවදුරටත් හිතුවක්කාරී ලෙස මැති ඇමතිවරුන් පමණක් පෝෂණය කරමින් සිටින බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
ව්‍යවස්ථාදායක කාරක සභාව සදහා නම් කළ සාමාජිකයිනගේ ලැයිස්තුව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනෙකු ඇතුළත්.
ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට සිදු වූ ජනපති-අගමැති-මුදල් ඇමති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටුකරන පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත්, එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුනේ දින කීපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් සභාව හෙවත් කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන්ගේ නම් සඳුදා (03) නිවේදනය කිරීමට නියමිතය.
Page 109 of 554