Saturday, January 31, 2026
Follow Us
මැතිවරණ කල්දැමීමට එරෙහිව සියලු පක්ෂ රැස්වෙයි

විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධ සාකච්චාවක්


මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් (12) කොළඹ දී පැවැත්විණි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවී මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

ජාතික ජනබලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මීට එක්ව ඇත.

එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ විය.

මේ අතර පළාත් පාලන මැතිවරණය සහ අනෙකුත් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද මැතිවරණ කොමිසමට පැමිණ ඇත.

පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාවෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරු මාධ්‍යයට අදහස් පළ කළේය.

Aruna