2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ගොනු කර ඇති නඩුවට අදාළව ඒ මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය (10) නියම කළේය.
අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම ඉදිරිපත් නොකිරීම නිසා අරගලය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙනයාමට නොහැකි වුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
වෙන්ව හොරකම් කළ අය අද එකට එක්වී හොරකම් කිරීම අරඹා ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ දුර්දාන්ත ආණ්ඩුව රට විනාශ කරන බවත්,මැතිවරණයකින් තොරව කිසිදු ඉදිරියක් නැති බවත් ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් මහපාරට බැස ඒ වෙනුවෙන් අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ තම ආණ්ඩුව වුවත් මේ අර්බුදය ඇතිවූයේ තම ආණ්ඩුව නිසා නොවන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම ජාතික අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සංශෝධන ගෙන එන බවට ජනාධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශයේ අරමුණ එම ඡන්දය කල් දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු වල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට මෙතෙක් ආරාධනා කර නොමැති බව වාර්තා වනවා. පක්ෂයේ සියලු ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහභාගී වන මෙම රැස්වීම අද පස්වරු 2ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය සංශෝධනය සදහා මේවනවිට ගනු ලබන උත්සාහය, අවංක උත්සාහයක් නොවන බව පූර්ව අත්දැකීම් අනුව පෙනී යන බව පැෆරල් සංවිධානය පවසනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික. පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාවට මුදල් ලබාදුන් බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඉර හඳ තිබෙනතාක් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
එකට එක්ව රටක් විනාශ කර දැන් යළි නැගිටින්න නොව දැන් කියන්න ඇත්තේ එක්ව පලයල්ලා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට්ටවීමට ඇතැමුන් උත්සාහ කළත් එම පක්ෂය යනු අළු මතින් නැඟී සිටීමට හැකි පක්ෂයක් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Page 103 of 551