22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සදහා පැවැත්වූ ඡන්ද විමසීම් අවස්ථාවේ තමන් පාර්ලිමේන්තුවේ සිටියේ නම් ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසනවා.
කෙසේවෙතත් එම සංශෝධනයේ ඇතුළත් වූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන කරුණුවලට තමන් එකග නොවන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.
22 වන සංශෝධනයත් සමග පොහොට්ටුවේ දෙදරා යාමක් සිදුව ඇති බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
Neth