ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පමණක් නොව රජයේ ඉහළ තනතුරු සදහා ඉල්ලුම් කිරීමටද ඉඩ ලබා නොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අදාළ තනතුරු සදහා මෙරට පුද්ගලයන් සොයා ගැනීමට නොහැකි නම් එය බරපතල ඛේදවාචකයක් බවයි.
මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින්නේදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා ඇති බවද ඔහු සදහන් කළා. එවැනි පුද්ගලයින් පිළිබද තොරතුරු ලැබුණහොත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සදහන් කළේ.
Neth