මේ මොහොතේ හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට කිසිඳු හදිස්සියක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.
බදු සංශෝධන කළ යුත්තේ ජනතාවට හා ආයතනවලට දරා ගැනීමට හැකි වන පරිදි බව සමගි ජනබලවේගය පවසනවා. 12 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ එම බදු සංශෝධන පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ ණය පැහැර හරින්නට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ මුදල් ඇමැති අලි සබ්රි වන තමාට උපදෙස් ලබා දුන්නේ “ලෝක පූජිත උපදේශකවරුන්” වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය බව විදේශ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.
MP Namal Rajapaksa said the Sub-Committee on identifying the Priorities in Formulation of Short, Medium and Long-Term National Policies of the National Council will engage with stakeholders next week to discuss how to streamline citizen services and public administration as the first steps towards policy reform.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මුදල් ලබාදී ආසන සංවිධායක ධුරයක් ලබාගත හැකි බවට ඊයේ ප්‍රචාරය වූ පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර පවසනවා.
කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නඩුවකට නොසීති නිකුත් කර තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පසුව සිය නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සදහා වෙන් කෙරෙන මුදල සීමා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු ආදායමෙන් ලැබෙන මුදල් වියදම් කළ යුත්තේ අත්‍යවශ්‍යම කාර්යයන් සදහා පමණක් බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.
රටට මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ සංශෝධන නොව කුමන හෝ මැතිවරණයක් පවත්වා මහජන මතය විමසා බැලීම බව සමගි ජන බලවේගය පවසනවා.
රටකට දීර්ඝ කාලයක් ආදායම් – වියදම් පරතරය පියවා ගැනීම සඳහා බාහිර මූලාශ්‍ර මත යැපීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා දැනට කටයුතු කරන්නේ අනුප්‍රාප්තික ජනධිපතිවරයා වශයෙන් වන අතර ඔහුගේ කාර්යභාර්ය විය යුත්තේ එදිනෙදා කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම මිස ඔහුට සිතුම් පැතුම් ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.
ජනාධිපති තුමා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය,තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.
කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඉකුත් දිනවල අනාවරණ කළ දූෂණ වංචා පිළිබඳ වත්මන් කෝප් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.
Page 102 of 551