ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. රහසිගතව පැවති මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කළේ.
ඖෂධ හිඟයට මෙන්ම රටේ ඩොලර් අර්බුදයටත් විසදුමක් ලබාගැනීමට කළ යුත්තේ රටින් පිට කළ ඩොලර් නැවත ගෙන්වා ගැනීම බවත් එය සිදුකළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කර නොව, වැරදි සිදු කළ කණ්ඩායම් ඉලක්ක කර බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඈත්ව සිටින අයද යළි එක්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් දරුවන් රැකබලාගැනීම සඳහා සුරැකුම් මධ්‍යස්ථාන පිහිට විය යුතු වන අතර එවිට අරගල වැනි කටයුතු සඳහා යන මව්වරුන්ට දරුවන් එම ස්ථානවල සුරක්ෂිතව තබා යා හැකි බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටී ඇති බවත් මේ දිනවල රිච්වේ ආර්යා ළමා රෝහලේ පවා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී පවා ජනාධිපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය තාන්න මාන්න ලබා ගෙන වරප්‍රසාද භුක්ති විදිමින් සිටින බවත් ඔවුන්ට ජනතාව විදින වේදනාව කැපකිරීම් නොපෙනෙන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ අනාගතයේ බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ කැපකිරීම් සිදු කරන්නේ ජනතාව නොව ආණ්ඩුව බව යි.
ඉදිරියේදී කවුරුන් ආණ්ඩු පිහිටුවූවත් තමන් සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ ආණ්ඩුවල ඇමතිකම් දරණ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
රුපියල් මිලියන 75 කට අධික දේපළ සහ මුදල් අයථා ලෙස ඉපයූ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා විසින් මූලික විරෝධතාවක් ගොනුකර තිබේ.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ සංවාදය යළි කරළියට පැමිණීමත් සමඟ එවන් ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් (PAFFREL) සංවිධානය ලිපියක් නිකුත් කර තිබේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කොට එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගතකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත නිර්දේශ කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පසුගිය දා සිදු කරන ලදී.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සදහා පැවැත්වූ ඡන්ද විමසීම් අවස්ථාවේ තමන් පාර්ලිමේන්තුවේ සිටියේ නම් ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසනවා.
අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය.
මැතිවරණ ක්‍රමය සංශෝධනයේ ආරම්භක පියවර ලෙස අපේක්ෂක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
පාඩු ලබන රජයට අයත් ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුත්තේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බව කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
එළඹෙන නොවැම්බර් 02 වනදා ආණ්ඩුවට එරෙහිව කොළඹදී ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ගණනාවක් සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් 25 පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්.
Accuses Govt. of destroying lives of people to come out of bankruptcy
Questions why Govt. cannot recover stolen funds by those mentioned in Pandora papers
Says SJB when in power will set up program led by concepts of social justice, economic justice and humanity
Page 102 of 556