Friday, January 30, 2026
Follow Us
රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු හරවයි

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා විදේශ ගත වීමට ඊයේ රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු මන්ත්‍රීවරයෙකු වනරන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.

ඊයේ රාත්‍රී 08.15ට කටාර් ගුවන් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

රන්ජන් රාමනායක පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර ඇත්තේ.

ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් එම අධිකරණ මගින් පනවා ඒ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබී ඇත .

ඒ අනුව ඊයේ දින ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

 

Neth