ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික හරයන්ට පටහැනි කරුණු හේතුවෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීම සදහා පැවැත්වූ ඡන්ද විමසීමට තමන් සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ප්‍රතික්ෂේප කිරීම සහ සියලු ශ්‍රී ලාංකිකයින්ට එකම ධජයක් යට පෙනී සිටීම සිය පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය බවයි.
ඊට පටහැනිව තමන්ට ක්‍රියා කිරීමට නොහැකි බැවින් ඡන්ද විමසීමට එක් නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවා.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන්නා. එවන් පසුබිමක් තුළ තමන් ඊට ඡන්දය ලබා නොදීමෙන් පක්ෂය තුළ මත ගැටුමක් හට නොගන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් මෙහිදී ප්‍රශ්න කළා.
මහාචාර්ය රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තුවට පිවිසියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.
Neth