Friday, January 30, 2026
Follow Us
ගෝඨා ගෙදර ගියාට ප්‍රභූ ආරක්ෂකයෝ 226ක් තවමත් ආරක්ෂාවේ

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ ‌යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය කියයි.

ඊයේ (27) කොලඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඇය මේ බව සඳහන් කළාය.

“ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 6,000ක් පමණ ඉන්නවා. මේ 6,000න් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. මේ රටේ ගොඩක් දෙවල්වලට වගකියන්න ඕන හිටපු ජනාධිපතිවරයාට ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් දෙපාර්තමෙන්තුවෙන් විතරක් 226ක්.

ඔහුට හමුදාවේ ආරක්ෂාව තියෙනවා. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව තියෙනවා. එක පැත්තකින් පොලිස්පතිවරයා කියනවා 4,000ක් ලෙඩවෙලා ඉන්නවා කියලා. අනිත් පැත්තෙන් කියනවා 16,000ක් විශ්‍රාම යනවා කියලා. අපි ඕන කැපකිරීමක් කරන්න සූදානම්. අපි කියන්නේ මේ 4,000ට සේවා කාලය ලබාදීමේ අයිතියක් තිබෙනවා.

ඔවුන් ලෙඩ වෙලා ආවද, එහෙම නැතිනම් පොලීසියට බඳවා ගද්දි ප්‍රශ්නයක් තිබුණද, පොලීසියේ ක්‍රියාකාරකමක් තුළ ඔවුන් ආබාධ තත්ත්වයට පත් වුණාද, පොලීසියට ආවම ස්ට්‍රෙස් එක වැඩි වෙලා සීනි, දියවැඩියාව, බෝ නොවන රෝග හැදුනද කියලා දන්නේ නෑ. මේ 4,000 අද සේවයෙන් ඉවත් කරන එක නෙවෙයි කතාව. මේ 4,000ට සේවය කරන්න අවස්ථාවක් ලබාදීලා අඩුම ගානේ තෝරාගත්ත ක්ෂේත්‍රවල රාජකාරී කිරීමේ අයිතිය ලබා දෙන්න” යනුවෙන් පවසා සිටියාය.

Mirror