Friday, January 30, 2026
Follow Us
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුතු හැටි කෝප් කමිටුවේ හිටපු සභාපති පහදයි

පාඩු ලබන රජයට අයත් ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුත්තේ විධිමත් ක්‍රමවේදයක් යටතේ බව කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඇතමුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට ඉඩ නොතිබිය යුතු බවයි මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ.

ප්‍රතිව්‍යූහගත කෙරෙන රජයට අයත් ආයතන සම්බන්ධයෙන් රටේ ජනතාවද අවධානයෙන් සිටිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් පැවසුවේ.

Neth