යාල ජාතික වනෝද්‍යානයට ඩිෆෙන්ඩර් සහ ජීප් රථවලින් ඇතුළු වූ පිරිස අතර සිය පුත්‍රයා නොසිටි බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉකුත් දින 10 ඇතුළත සිය පුත්‍රයා කොළඹින් පිටතට ගමන් නොකර ඇති බවයි.
කෙසේවෙතත් සිය පුත්‍රයා එම පිරිස සමග යාල වනෝද්‍යානයට ඇතුළු වී ඇති බවට කිසියම් සාක්ෂියක් ඔප්පු වුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
Neth