අද අපි ඔබේ ගෙවත්තට කුළුබඩු කුමරිය කැන්දාගෙන එනවා. ඇයව කුළුබඩු ක්ෂේත්‍රයේ අය හඳුන්වන්නේ, princess of spices කියලා. ඒත් එකපාරට ම හිතාගන්න බැරි වුණා නේද? නමුත් ඇගේ සුවඳ ඔබ විඳලා තිබෙන බව මම නම් හොඳට ම දන්නවා. අපි කේක් කනකොට නිරන්තරයෙන් එන සුවඳ ඔබට මතකද? ආ... ඔන්න දැන් මතක් වුණා. වැනිලා සුවඳ කියලා. ලොව නොම්බර ඒකේ සුවඳ කාරකයක් තමයි වැනිලා. වැනිලා ඔබේ ගෙවත්තට පහසුවෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ගෙදර දොර වැඩපල කරන ගමන්, රැකියාව කරන ගමන් ගෘහිණියක් ලෙස ඔබට අතිරේක ආදායමක් හොයා ගන්න හොඳ ම වගාවක් තමයි වැනිලා කියන්නේ. වැනිලා කිලෝවක මිල ඔබ දන්නවද? නිකමට හොයලා බලන්න. ඔබ පුදුම කරාවි. වැනිලා ගැන ඔබ දන්නේ මොනවද? වැනිලා කියන්නේ ඕකිඩ් බෝගයට අයත් ශාකයක්. ශාකයක් කිවුවට ඒක ඇත්තට ම වැලක්. වැනිලා නිෂ්පාදන විදියට අපි සලකන්නේ, වැනිලා කරල්.
ප්‍රාථමික පන්තිවල අධ්‍යාපය ලබන දියණියන් සඳහා මේ ලස්සන ගවුම ඔබටත් මසා ගත හැකියි. අපි එය අලංකාරව හා නිවැරැදිව මසාගන්නා ආකාරය මෙලෙස ගෙන එන්නෙමු. එය ඔබේ දියණියට අමතර පන්ති අඳින්න මෙන්ම සාමාන්‍ය ගමනකට අඳින්න වුවත් සුදුසුයි.
කෑම උයන කොට සේර කෑල්ලක් දාන්න ඔබ අමතක කළේ නැහැනේ... සේර සුවඳ කෑමට දෙන්නේ, අමුතු ම ජීවයක්. අම්මලා ඒක අත්දැකීමෙන් දන්නවා. කෑමට දාපු සේර කෑල්ලේ ගුණ ගැන ඔබ දැනගෙන හිටියාද? ඔව්. සේර කියන්නේ, හොඳ පිළිකා නසන දෙයක්. කැස්සට, උණට සේර ගුණයි. දද, හොරිවලටත් සේර ගුණ දෙනවා කියලා පොත්පත්වල තියෙනවා. සේර කියන්නේ, නොම්බර එකේ විසබීජ නාශකයක්. ඒ වගේම ආහාර මාර්ගයේ සියලු ම ලෙඩ රෝගවලට සේර ගුණයි කියලා තමයි, කියන්නේ. ඒ විතරක් නෙමෙයි, විවිධ විටමින් වර්ග, ඛනිජ වර්ග, මැග්නීසියම්, සින්ක් වගේ ගොඩක් ගුණ සේරවල තියෙනවා. ඒ කියන්නේ, පෝෂණීය ගුණයත් ඉතා ඉහළ යි.
රට වටා සිටිනා රූපලාවණ්‍ය ප්‍රතිභා දෑත් සොයා යන ගමනේ අද අපි ගම්පහ, බණ්ඩාරවත්ත සැලෝන් අදීෂා වෙත පිය නැගුවෙමු. සුන්දරත්වය දකින්න, අත් විඳින්න කැමැති ඔබ වෙනුවෙන් ඇය රූපලාවණ්‍ය සත්කාර පෙළක්ම සිදු කරනු ලබයි.
ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවලට අමාරු කාලයක් එනවා. ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕනෙ. මේ කාලේ අපි හැමෝටම හරිම අමාරුයි ජීවත් වන්න. ආර්ථික මට්ටම බිංදුවටම වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.
උපන් දිනය හැමෝටම විශේෂයි. ඒ විශේෂිත දවසට සුබ පැතුම් ගෙනෙනවාට හැමෝම කැමැතියි. ඒ නිසා ඔබේ සමීපතම මිතුරියට, පෙම්වතාට නැත්නම් පවුලේ සමීපතම අයකුට සුබපැතුම් ගෙනෙන්නට අගනා සුබ පැතුමක් මෙලෙස නිර්මාණය කරමු.
එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන නිර්මාණ කලාවකි. මෙහි දැක්වෙන මේ ලස්සන මල් මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.
පිරිසක් අතරට ඩෙනිමක් ඇඳලා, මේක් අප් එකක් දාගෙන, හයිහීල්ස් සපත්තු දෙකකුත් දාලා “පොෂ්” තරුණ යුවතියක් ආවොත් මොකද හිතන්නේ? අනිවාර්යයෙන් ම හැරිලා බලනවා නේද? ඔව්. සුන්දරත්වය දකින්න හැම කෙනෙක් ම කැමැති යි. එකේ ගැහැනු, පිරිමි කියලා භේදයක් නැහැ. ඉතිං අපි අද ඔබට කියන්නේ ඒ වගේ සුන්දර යුවතියක් ගැන. බැලූ බැල්මට කහම කහ පාටට රසම රස, ජම්බු ගෙඩියක් වගේ පෘෂ්ඨිමත් ව තියෙන, දැක්කම කන්න හිතෙන පලතුරු යුවතියක්.
එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන නිර්මාණ කලාවකි. මෙහි දැක්වෙන මේ ලස්සන මල් මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.
සෛල ගොනුවක එකතුවකින් සැදුම්ලත් කළලයකි. දස එකඩ මාසයක් මුළුල්ලේ විකසන හා වර්ධන අවධි පසුකරමින් එය පරිපූර්ණ ජීවියකු බවට පරිවර්තනය වෙයි. ඒ සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙසින් ය.
මෙසේ සොබාදහමේ දායාදයන් කැටිකර ගනිමින් බිහිවන අපූර්වතම ජීවියා මිනිසාය. මේ මිනිස් ජීවියාගේ උප්පත්තියේ සිට මරණය දක්වා ගෙවීමට සිදුවන කාල සීමාවත්, ඒ කාල සීමාවේ සිදුවෙන සිදුවීම් සමුදායත් ජීවිතය යැයි කියන්නට හැකිය.
අජීර්ණ, අක්මා රෝග, වකුගඩු රෝග, ප්ලීහා රෝග, රක්තපිත්ත, කැස්ස, ඇදුම, රුධිර වහනය ආදී රෝග රැසකට ඖෂධ පිළියෙල කිරීමට අහු ශාකයේ සියලුම කොටස් යොදා ගනී.
'අයිරිස්' අපේ රටේ දැකගත හැකි මලක් නොවේ. නමුත් අපි පින්තූරවලින් මේ මලේ අලංකාරය දැක ඇත්තෙමු. එහි ඇති අසීමිත සුන්දරත්වය පියවි නෙතින් විඳගන්නට නොහැකි වුවත් ඔබටත් පුළුවන් කතිර රටාවකින් ඒ සුන්දරත්වය විඳගන්න. මෙන්න, ඒ සඳහා අවස්ථාව...
ඩේසි මල් හිස ගවසා ගෙන ඉන්න අම්මයි, දෝණිය හරිම හැඩයි. මල් පෙතිවල සියුම්බව, මල් වගේ ඉන්න දෝණිට කියලා දෙන මේ නිර්මාණය බිත්ති සැරසිල්ලක් ලෙස මසා ගන්නට කැමැති ඔබටයි.
Page 8 of 25