Friday, April 26, 2024
Follow Us
මලින් හැඩ වූ අම්මයි දෝණියි

ඩේසි මල් හිස ගවසා ගෙන ඉන්න අම්මයි, දෝණිය හරිම හැඩයි. මල් පෙතිවල සියුම්බව, මල් වගේ ඉන්න දෝණිට කියලා දෙන මේ නිර්මාණය බිත්ති සැරසිල්ලක් ලෙස මසා ගන්නට කැමැති ඔබටයි.

 

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති සුදු පාට අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා

ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්

රාමුව, ඉදිකටු, කතුර

 

 

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් සෙන්ටිමීටර් 25.76x36.83 ප්‍රමාණයේ එකකි. අඟලට කොටු 11ක් හෝ 10ක් ඇති රෙද්දේ මසන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. රාමුකර ගැනීමට වටේට ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නිර්මාණයේ හරි මැද සිට හෝ කොටු ගණන් කරමින් මුල සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. මෙහි රේඛා මඟින් දැන්වෙන ඒවා නූල් එක් පොටක් හෝ දෙපොටක් භාවිතයෙන් ආපසු මැස්මෙන් මසාගන්න. මෙහි එකම අංකය දෙතැනක තිබුණාට එය ගැටලුවක් කර නොගන්න. එසේ දෙතැනක තිබෙන්නේ භාවිත කරන නූල් පොට ප්‍රමාණයේ වෙනස් වීමක් මතයි. එහෙත් ඔබ එය සැලකිල්ලට ගත යුතු නැත.

Tharunie