Tuesday, April 23, 2024
Follow Us
Fashion Design කියන්නේ ලෝකෙම අවධානය දිනා ගත් ගෞරවනීය වෘත්තියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ප්‍රිය බිරිය ෙචවන්ති ලක්ෂිණි

ක්‍රිකට් ගැන කතා කරද්දී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බොහෝ සුවිශේෂයි. ඒ බොහෝ විට ලංකා කණ්ඩායම සහභාගි වන තරගයක් මොන ආකාරයෙන් අවසන් වේවි ද කියලා කාටවත්ම කියන්න බැරි නිසයි. ඇත්තටම හිතාගන්නත් බැරි විදිහට පරදින්න ඔන්න මෙන්න තියෙන තරගයක් වුණත් තමන්ගේ පැත්තට හරවා ගන්න ඔවුන් දක්ෂයි.

ඒක තමයි ක්‍රිකට් බොහොම අවිනිශ්චිත ක්‍රීඩාවක් ලෙසින් හඳුන්වන්නේ. කොහොම නමුත් පසුගිය කාලේදී ලාංකිකයන් බොහෝ දෙනකු ක්‍රිකට් අමතක කරලයි තිබුණේ.

ඒත් පසුගිය දා නිමා වූ 20/20 ආසියානු කුසලානය දිනා ගැනීමත් සමඟ හැමෝම ආයෙමත් ක්‍රිකට් ගැන කතා කරන්න පටන් අරන්. මේ කතා බහේ දී වැඩියෙන්ම කියැවෙන්නේ ශ්‍රී ලාකේය ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ගැනයි.

දසුන් ශානක, නැත්නම් ක්‍රිකට් ලෝලීන්ගේ 'දස්සා'ගේ ආදරණීය බිරිය ෙචවන්ති පෙරේරා සමඟ අපිත් සුහද පිළිසඳරක යෙදුණේ තරුණී කියවන ඔබ වෙනුවෙන්මයි.

ෙචවන්ති අපට සුවිශේෂී වුණේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ බිරිය මෙන්ම ඇය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටින තැනැත්තියක් නිසයි.

 

කොහොමද ඉතිං. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි නේද? ඔබත් 20/20 ආසියානු කුසලාන තරගාවලිය නරඹන්න ගියා ද?

 

ඔව් මම ගියා. සාජාවල තිබුණු තරගය හැරෙන්න අනිත් ඔක්කොම බැලුවා.

දසුන් කඩුල්ලේ ඉද්දී ඔයාට දැනෙන්නේ කොයි වගේ හැඟීමක් ද?

කඩුල්ලේ දී එයා තරමක් ස්ථාවර වෙනකම් පොඩි බයක් දැනෙනවා. කොයි විදිහට මුහුණ දෙයි ද කියලා හිතෙනවා. ටිකක් වෙලා යද්දී එයා හොඳට සෙල්ලම් කරයි කියලා ඉබේටම දැනෙනවා.

 

නායකයෙක් ලෙස ඔහු සාර්ථක බව ඔබට දැනෙනවා ඇති.

ඔව්. ඇත්තටම ඒ අය එකම පවුලක් වගේ ඉන්නේ. හරිම එකමුතුයි.

 

අපි දැන් කතා කරමු ඔබේ මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ. කොහොමද ඒ සඳහා යොමුවන්නේ..

මගේ අම්මාට හොඳට මහන්න පුළුවන්. මටයි නංගිලා දෙන්නටයි අම්මා ලස්සන ලස්සන ඇඳුම් මහලා අන්දනවා. ඒ මෝස්තර අපි වෙන කොහේවත් දකින්නේ නැහැ. අපි තුන්දෙනාට විතරමයි තියෙන්නේ. මම විතරක් ම ඒ මෝස්තරයේ ඇඳුමක් අඳින්න ඕනෙ කියන එක එදා ඉඳන් ම හිතට වැදුණු කාරණයක්. කවදාහරි මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙනවා කියලා හිතුවා. අද මල්ඵල ගැන්විලා තියෙන්නේ ඒ බලාපොරොත්තුවයි.

 

ඒ සම්බන්ධ හැදැරීම් කරලා

තියෙනවා ද?

ඔව්. මම Lanka Institute of Fashion Technology ආයතනයෙන් මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් හැදැරුවා. මේ ක්ෂේත්‍රය විදෙස් රටවල දවසින් දවස අප්ඩේට් වෙන එකක්. ඒ දේවල් අපේ රටට එන්නේ තරමක් ප්‍රමාද වෙලා. මම විදෙස් රටවල Fashion Show වීඩියෝවලින් හෝ මඟ නොහැරම බලනවා. විදෙස් රටවල ආභාසයෙන් අපිට අපේ පුංචි රටෙත් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය ඉදිරියටම ගේන්න පුළුවන්. අවශ්‍ය වන්නේ නිර්මාණශීලී දෑසක්, දෑතක් සහ හැමදාමත් අලුත් වෙන නැවුම් සිතිවිලි පමණයි.

විදෙස් රටවල හෝ අපේ රටේ Fashion Show බැලුවත් මම හැමවිටම කරන්නේ අලුත් දෙයක්. මෙතෙක් නුදුටු, මෙතෙක් නොකළ දෙයක් කරන්නයි හැමවිටම උත්සාහ ගන්නේ. දැනට ක්ෂේත්‍රයේ ඉන්න අයගෙනුත් අපට ගුරුහරුකම් ගන්න පුළුවන්.

 

මේ ඔබේ සිහිනයක් ද සැබෑ වුණේ...

ඇත්තටම ඔව්. මගේ අම්මා කරපු දේ මම තවත් ඉදිරියට ගෙන ගියා. ඒ ආශ්‍රිත ව්‍යාපාරයකුත් මම කරගෙන යනවා. මේ දවස්වල නම් පුංචි විරාමයක් අරගෙන තියෙනවා.

 මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය අපේ තරුණියන්ට පිය නඟන්න සුදුසු තැනක් ද?

Fashion Design කියන්නේ ලෝකෙම අවධානය දිනාගත් ගෞරවනීය වෘත්තීයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ගැහැනු ළමයකුට රැකියාවක් ලෙස තෝරාගත හැකි අනගිම ක්ෂේත්‍රයක් මේ. බොහෝ අය ඒ පිළිබඳ හැදැරීම් කළ යුතු අන්දම ඒ සඳහා ඇති ආයතන ගැන දැනුම්වත් නැහැ. ලංකාවේ මෝස්තර නිර්මාණය පිළිබඳ මූලික උපාධියක් කරලා වැඩිදුර හැදැරීම් සඳහා විදෙස් රටකට වුවත් යෑමට හැකියි. සමහරු හිතනවා මහන්න දන්නෙ නැත්නම් මේ දේ කරන්න බැහැ කියලා. එහෙම දෙයක් නැහැ.

 

දසුන්ගෙන් ඔයාගේ වැඩකටයුතු සඳහා ලැබෙන දායකත්වය මොන වගේද?

 

එයා හරිම කාර්යබහුලයි. හැබැයි ගෙදර ඉන්න වෙලාවට මාව අවශ්‍ය තැන්වලට එක්කන් යනවා. අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා. ඒ වගේ සහයෝගයක් ලැබෙනවා.

 

ඔයා දසුන්ගේ ක්‍රිකට් ජීවිතය දක්වන්නේ කවර අන්දමේ දායකත්වයක් ද?

මට ලොකු දෙයක් කරන්න නැහැ. එයා නිදහස්ව, නිරවුල්ව තියෙන එක තමයි ඇත්තටම මගේ අතින් වෙන්නේ.

 

ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියමු...

මගේ අම්මා, තාත්තා දෙන්නම ව්‍යාපාරිකයෝ. අම්මා ඇඟලුම් පැත්තෙන් ව්‍යාපාරයකුත්, තාත්තා පොලිතින් සම්බන්ධ ව්‍යාපාරයකුත් කරනවා. මගේ ලොකු නංගි විවාහ වෙලා ඩුබායිවල පදිංචිය. පොඩි නංගි සාමාන්‍ය පෙළ කරනවා. දසුන් ගේ අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා අපි ඔක්කොමත් එක්ක අපි එකම පවුලක් වගේ. හරිම සහයෝගයෙන් අෙන ්‍යා්න්‍ය අවබෝධයකින් යුතුව ජීවත් වෙනවා.


Tharunie