අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක්, ලොකුවට රවුමට කපාගත් ලූනු ගෙඩි 2ක්, මාළු මිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, කෑලි මිරිස් කුඩු මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 2 1/2ක් සහ තෙල්.
සාදන ක්‍රමය
පළමුව චිකන් ටික සීසන් කර විනාඩි 30ක් පමණ තබන්න. ඉන්පසු චිකන් ටික ගැඹුරු තෙලේ බාගෙට බැදගන්න. වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට ඉඟුරු සුදුලූනු පේස්ට් එක එක් කරන්න. දැන් එම මිශ්‍රණයටම කෑලි මිරිස් හා සීනි එක්කර, සීනි දිය වන තුරු අඩු ගින්දරේ තබන්න. සීනි දිය වූ පසු තක්කාලි සෝස් හා සෝයා සෝස් එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් බැදගත් චිකන් ටික දමා කලවම් කර මඳ ගින්නේ ටික වේලාවක් උයා ගන්න. අවසානයට කපාගත් ලූනු, මාළුමිරිස් හා තක්කාලි දමා කලවම් කර ලිපෙන් බාගන්න.