සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය පෙර තිබුණු පරිදිම රක්නා ආරක්ෂක ලංකා සමාගමට සහ ඇවන්ගාඩ් සමාගමට යළි ලබාදීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
මහවැලි ගඟ ආශ්‍රිතව මහනුවර ප්‍රදේශයේ ඉදිකර ඇති සියළු අනවසර ඉදිකිරිම් පිළිබද විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදි තිබෙනවා.
State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana said 20 out 37 bodies kept at the refrigerated cabinets of the mortuary of Kalubowila Hospital (Colombo-south Hospital) were non-covid deaths.
රට වැසීම යනු තම විකල්ප ලැයිස්තුවේ හැමදාමත් තිබෙන එකක් බවත් එය තෝරාගන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ඒ අවස්ථාවට අදාළව අනෙකුත් සියලුම කාරණා ද සලකා බැලීමෙන් අනතුරුව බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මෙරට ජනතාව සඳහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා. එන්නත්කරණය සම්බන්ධයෙන් වන උපදේශක කමිටුව විසින් තුන්වන මාත්‍රාවක් හෝ බුස්ටර් ලබා දීමට අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට කැඳවීම සඳහා මීට පෙර ගෙන තිබූ තීරණය අහෝසි කර තිබෙනවා. ඒ වෙනුවට නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන ලෙසයි අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබෙන්නේ.
කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද සිට ආරම්භ කෙරෙනවා. මෙය 12 වනදා දක්වා ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
වාහන ආනයනය කිරීම මෙම වසරේදීත් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ වාහන ආනයන කිරීමට පෙර රටට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ගෙන්වීමට තිබෙන බවයි රජය පවසන්නේ.
ඇවන්ගාඩ් සමාගමට යළි සමුද්‍රාරක්ෂණ ව්‍යාපාරික කටයුතු ඇරඹීම සඳහා අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙරට වෙළදපොල තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කිරීම සදහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අළෙවි කරන පුද්ගලයින්ට මෙතෙක් පනවා තිබූ රුපියල් 2,500 ක දඩය රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,230 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගලටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔහුගේ ආශ්‍රීතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා. ඒ, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි.
The checking of official workplace identity cards of people using public transport will commence from today, Transport State Minister Dilum Amunugama said.
කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට ලබන අගහරුවාදා සිට තුන් දිනක් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 1906 අංකය අමතා ඒ සඳහා ලියාපදිංචි වන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.
With the current swell in pandemic situation in the country, it is suspicious to reopen schools by the first week of September, Education Minister Prof. G. L. Peiris said.
The cases, pending or filed before 2016 under the Prevention of Terrorism Act (PTA), will be concluded before the end of this year, Justice Minister Ali Sabry said.
දෛනිකව කොරෝනා මරණ සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රීක්කයේ ආදාහනාගාරවල තඳබදයක් හට ගෙන තිබෙනවා.
Page 314 of 641