වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රට වසා දැමිය යුතු බවට යෝජනා රැසක් ඉදිරිපත් වී ඇතත් රට වසා දමන්නේ නම් කරුණු කිහිපයක් පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. විශේෂයෙන් දෛනික ආදායම් උපයන පුද්ගලයන්, අඩු ආයාදායම්ලාභීන් පවුල් සඳහා විශේෂ සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ.
රට වැසීමක් සිදුකරන්නේ නම් එම පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමේ සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අනිවාර්යය කටයුත්තක් මෙන්ම පූර්ව කොන්දේසියක් විය යුතු බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටී.
රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
රට වසා දැමීම පහසු කටයුත්තක් වන නමුත් රට වසා තිබෙන කාලය තුළ සාමාන්‍ය ජනතාව ජීවත් වන්නේ කෙසේද යන ගැටලුවට පිළිතුරු සොයා ගැනීම අපහසු බවයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසන්නේ.
(LNW)