මෙරට ජනතාව සඳහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදීද සාකච්ඡා කෙරුණු බවයි.
මෙරට රැදී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අද සිට සැප්තැම්බර් මස 07වනදා දක්වා දින 30ක කාලයක් වීසා වලංගු කාලය දීර්ඝ කළ බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වෙළෙඳපොළේ පවතින ගෑස් අර්බුදයට ලබන සතිය ඇතුළත ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ලාෆ් ගෑස් නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීමෙන් පාරිභෝගිකයින් සියයට විස්සක් පමණ අපහසුතාවයට පත්ව ඇති බවයි.
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබේ.
රට තුළ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කෙසේවෙතත් රට තවදුරටත් වසා නොතැබීමට ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
පොදු ප්‍රවාහනයේ ගමන් කරන ජනතාවට ලබන සඳුදා සිට රාජකාරි හැඳුනුම්පත ළගතබා ගැනීම අනිවාර්ය කිරීමට රජය තීරණය කළ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රටේ පවතින හදිසි තත්වය පිළිබඳව සලකා බලා වෘත්තීය අරගලය ලොක්ඩවුන් කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වලින් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව සමග හෝ ජනාධිපතිවරයා සමග යම් ගැටලුවක් තිබේ නම් පෞද්ගලිකව සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
Health authorities are taking steps to administer booster shots (third dose) if required. The matter was discussed at a crucial meeting held yesterday (Friday) with the participation of President Gotabaya Rajapaksa.
කිරිපිටි සමාගම් ඉල්ලා ඇති පරිදි රුපියල් 200ක පමණ මිල වැඩිකිරීමක් ලබාදුන්නොත් නම් කිරිපිටි වෙළඳපොලට වුවමනා තරම් ලැබෙනු ඇති නමුත් මේ අවස්ථාවේදී එවන් මිල වැඩිකිරීමක් සඳහා අවසර ලබාදීමට රජයට හැකියාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
කිරිපිටි මිල ඉහල දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රීත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. එමෙන්ම රටතුළ කිරිපිටි හිගයක් ඇති වීමට ඉඩ නොතබන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද උද්ඝෝෂණ සඳහා සෙනඟ ඒකරාශී වීම රටපුරා කොවිඩ් පැතිරීම වේගවත් වීමට හේතුවී ඇතැයි බුද්ධි අංශ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් ඉකුත්දා හමුවූ විශාල ප්‍රමාණයේ මැණික ඇතුළු මැණික් ගල් රැසක් චීනයේ ෂැන්හයි නගරයේ පැවැත්වෙන මැණික් වෙන්දේසීය සඳහා ඉදිරිපත් කරන බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පවසනවා.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක සෑම පුද්ගලයෙකුම කොවිඩ් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
පළාත් අතර සංචරණ සීමා පිළිපැදීමට සියලුදෙනා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ රැකියා අවශ්‍යතා මත පමණක් ලබාදී ඇති ලිහිල් කිරීම් අවභාවිත නොකළ යුතු බවයි.
කොරෝනා අවදානම හමුවේ රාජ්‍ය සේවයේ ගර්භණි මව්වරුන්ට හා වයස අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන්ට ලබාදුන් සහනය පෞද්ගලික අංශයේ මව්වරුන්ටද ලබාදෙන ලෙස කම්කරු දෙපාර්මේන්තුව සේවා යෝජකයින්ට දැනුම් දෙනවා.
Page 315 of 641