කඩ වහන වෙළෙන්දන්ට හමුදාපති දිරි දෙයි
කොවිඩ් ව්‍යාප්තිය පාලනයට වෙළෙඳසල් හිමියන් වෙළෙඳසල් වසමින් කටයුතු කිරීම ගැන ඔවුනට ප්‍රශංසාව පුද කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා සදහන් කළේ විවිධ නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වසාදැමුව ද ජනතාව වෙනත් ප්‍රදේශවල වෙළෙඳසල්වලට ගොස් භාණ්ඩ මිලදී ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවන බවයි.
ජනතාව තම තමන්ගේ ප්‍රදේශ වල ආරක්ෂාව ගැන සිතා එවැනි ක්‍රියාමාර්ග වලට යොමුවීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
විශාල ව්‍යාපාර එවැනි ක්‍රියාමාර්ග වලට එළඹුන ද කුඩා ව්‍යාපාර කරමින් ජීවත් වන ජනතාව ගැනද මේ මොහොතේ කල්පනා කළ යුතු බව යුද හමුදාපතිවරයා සදහන් කරයි.
එම වැඩපිළිවෙළ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට සිදුකරන්නේ නම් යහපත් වනු ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
(Aruna)