Sunday, February 22, 2026
Follow Us
ජනපති අද ජාතිය අමතයි - රට වැසීම ගැනත් තීරණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය හා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව රට වසා දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සිය කතාවේදී අදහස් පළ කරනු ඇති බවටද වාර්තා පළ වනවා.

ඊයේ රාත්‍රිය වන තෙක් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඊට සහභාගී වී ඇතැයි සඳහන්.

ජනාධිපතිවරයා අද ජාතිය ඇමතීමට නියමිතව ඇත්තේ රට වසා දමන ලෙසට පාර්ෂව රැසක් සිදු කරන ඉල්ලීම් හමුවේයි.

මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද ඊයේ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ කොරෝනා වසංගතය පාළනයට සතියක කාලයක් හෝ රට වසා තැබීමට කටයුතු කරන ලෙසයි.

අවම සති 03 ක් හෝ රට වසා දමන ලෙස ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂ 10 ක්ද ජනාධිපතිවරයාගෙන් ඊයේ ලිඛිත ඉල්ලීමක් සිදු කළා.

සෞඛ්‍ය වෘත්තීය සමිතිද දිගින් දිගටම ඉල්ලා සිටින්නේ රට වසා දමන ලෙසයි. ඒ, දිගින් දිගටම වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේ අරමුණෙන්.

(Neth)