Sunday, February 22, 2026
Follow Us
ඇඳිරිනීතිය පවතින කාලය තුළ රැකියාවට යන අයට නිවේදනයක්

යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්


අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සඳහා මෙන්ම ඖෂධහල් පවත්වාගෙන යෑමට අවසර ලැබෙන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

හමුදාපතිවරයා පැවසුවේ රැකියා සඳහා යන අය විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවය.

“ඒ සඳහා මාර්ග බාධකවල කටයුතු කරන ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදාවේ නිලධාරීවරුන්ට ඔබගේ අනන්‍යතාවය පෙන්වීමෙන් ඔබට අවසර ලබාගැනීමට හැකියාව ලැබෙනවා”, යනුවෙන්ද ඔහු පැවසීය.

(Aruna)