පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලැබෙන පුද්ගලයින් හා කණ්ඩායම් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය සේවා, පොලීසිය සහ හමුදාව මෙන්ම රාජ්‍ය අංශයේ නිලධාරීන් අත්‍යාවශ්‍ය නිල ගමන්වල යෙදී සිටින අවස්ථා ඒ අතරට අයත්.
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්, උපයෝගිතා සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් සහ සමීපතම පවුලේ සාමාජිකයෙක්ගේ මරණය සඳහා යාමටද අවසර හිමිවනවා.
අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කර වරායන් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ ගමන්කිරීමටද අවසර ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
(Neth)