දින 14ක කාලයක් සඳහා රට වසා දැමීමට නම් සියලුම රාජ්‍ය සේවකයින් සිය මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීම සඳහා එකඟතාවකට පැමිණිය යුතු බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අවධාරණය කරයි.
"ඉතිං විවිධ පාර්ශ්ව වලින් ඒ යෝජනා ඉදිරිපත් වෙනවා රට වසන්න කියලා. ඉතිං අපි විශ්වාස කරනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරුන් සහ සියලුම රජයේ සේවකයිනුත් මාසයේ වැටුපෙන් අඩක් ලබාගන්නවා නම්, අඩක් රජයට පරිත්‍යාග කරලා අඩක් විතරක් නම් ලබාගන්නෙ දින 14කට රට වසා දමන්නේ නම් මන්ත්‍රීවරුත්, ඇමතිවරුත්, රජයේ සේවකයො සියලු දෙනාත් වැඩ කරන දින 14ට පමණක් මාස බාගයක වැටුපට එකඟ වෙන්න ඕනෙ. එවැනි තත්වයකට ගමන් කරනවා නම් එවැනි යෝජනාවක් එක්ක තමයි රට වසා දැමීමට කියලා තීරණය කරන්න ඕනෙ. විශේෂයෙන්ම ඒ ඉතුරු වෙන මුදල මේ රටේ ලක්ෂ 80කට වැඩි පිරිසක් ඉන්නවා එදිනෙදා ජීවත් වෙන. ඒ අයට සහන සැපයීම සඳහා ඒ මුදල් ටික භාවිතා කරන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෑගල්ල ප්‍රදේශයේ කූඨ සාත්තරකරුවෙකු වූ ධනපාල නොහොත් ධම්මික බණ්ඩාර නමැත්තාගේ ව්‍යාජ කොවිඩ් පැණිය ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ මූලික වැඩකොටස සිදු කළේ ද මේ සිසිර ජයකොඩි අමාත්‍යවරයාම විසිනි.
(LNW)