Sunday, February 22, 2026
Follow Us
අද රාත්‍රී 10 සිට රට ලෝක්ඩවුන්

අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් සටහනක් තබමින් පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය.

එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

(Aruna)