දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
අඹේපුස්ස - අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති පැමිණි ගඩොලින් කරන ලද ආරුක්කු හැඩති බෝක්කුව අසලින් ගලා බසින මාඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය අඩි 45ක පමණ කුහරයක් සෑදීම නිසා ප්‍රධාන මාර්ගය අවහිර වීමෙන් ප්‍රධාන උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය ඇණ හිටීන ලදී.
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.
ලංකාව පුරා බලපවත්වන අයපත් කාලගුණ තත්ත්වය නිසා රටේ විදුලි සැපයුම බොහෝ ප්‍රදේශවල අඩාල වෙමින් පවතින
විශේෂයෙන්ම මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ගස් කඩා වැටීම්, කනු කඩා වැටීම්. ඒ වගේ අනතුරු ගොඩක් සිදුවෙමින් පවතිනවා.අද උදෑසෙන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.ඒකෙන් දැන් 26,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කරලා තියෙනවා.
හැම තැනකම වර්ෂාව බොහොම ඉහලින් වාර්තා වෙනවා.විශේෂයෙන්ම සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතිනවා . අපි ඒවා හැම දෙයක්ම පාලනය කරගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සහ අභියෝග
වැඩි වැඩියෙන් අවශ්‍ය කාර්ය මණ්ඩලය යොදවමින් කාර්යක්ෂමව මේ සියලු බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු, ලංකා විදුලි මණ්ඩලයේ පාලනාධිකාරිය වගේම සියලුම සේවකයන්ගේ මැදිහත් වීම් මත සිදුවීම් පවතිනවා.
කෙසේ වෙතත්, මේ බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් මේ කාලගුණ තත්ත්වයම බලපෑම් එල්ල කරමින් තිබෙනවා.දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතුද යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් අපගේ උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.
ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව එම නිවේදනයේ සඳහන්.
අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.
මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වෙයි.
පවතින අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
අත්‍යවශ්‍ය සේවාවන්ට පිවිසීම සම්බන්ධ පුරවැසි පැමිණිලි පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් 1904 ක්ෂණික ඇමතුම් අංකයක් (කෙටි අංකයක්) හඳුන්වා දී ඇත.
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද වක්‍ර බලපෑම් තවදුරටත් පවතිනවා- එබැවින් නිවෙස් කරා යාමෙන් වළකින්න
සහන කඳවුරුවල සිටින ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටි
අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමන ලද උසස් පෙළ විභාගය නැවත දෙසැම්බර් 7, 8, 9 දිනයන්වල පවත්වන බ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවාය.
Page 4 of 637