දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා විශේෂ ආරක්ෂිත පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් නිකුත් කර තිබේ.
ඒ අනුව, සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පහත සඳහන් තීරණ ක්‍රියාත්මක කරන ලෙස දන්වා ඇත:
-
ඇඳුම් භාවිතය: පාසල් කාලය තුළදී සාමාන්‍ය නිල ඇඳුමට අමතරව, දෑත් සහ දෙපා හොඳින් වැසෙන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට පාසල් සිසුන්ට අවසර ලබා දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
-
මදුරු විකර්ෂක භාවිතය: මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ෂක (Mosquito Repellents) භාවිත කිරීමට සිසුන් උනන්දු කරවන ලෙසත්, ඒ පිළිබඳව ඔවුන්ව නිසි ලෙස දැනුවත් කරන ලෙසත් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
පාසල් පරිශ්‍රය තුළ සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම මෙහි මූලික අරමුණයි