විද්යා හා තාක්ෂණ අමාත්යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්යාලය අතර ඒකාබද්ධ ව්යාපෘතියක් ලෙස රුහුණ විශ්වවිද්යාලයේ මාපලාන කෘෂිවිද්යා පීඨ ඉඩම් පරිශ්රයෙහි යෝජිත මධ්යගත ජෛව ස්කන්ධ අපද්රව්ය ශූන්ය කුරුඳු සැකසුම් මධ්යස්ථානය ස්ථාපිත කිරීම පිණිස විද්යා හා තාක්ෂණ අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මාතර සහ ගාල්ල දිස්ත්රික්කවල කුඩා පරිමාණ වගාකරුවන් මූලික කර ගනිමින් පවත්වාගෙන යනු ලබන ශ්රී ලංකාවේ කුරුඳු කර්මාන්තය, ඉහළ සැකසුම් පිරිවැය, සනීපාරක්ෂක ප්රමිතීන් සහ ජෛව ස්කන්ධ අපද්රව්ය අවම වශයෙන් භාවිත කිරීම වැනි පොදු අභියෝග රැසකට අඛණ්ඩව මුහුණ දෙමින් සිටියි.
එම බාධාවන් සඳහා විසඳුමක් ලෙස කාර්මික තාක්ෂණ ආයතනය විසින් රුහුණ විශ්වවිද්යාලය සහ විද්යා හා තාක්ෂණ අමාත්යාංශය එක්ව නවීන මධ්යගත ජෛව ස්කන්ධ අපද්රව්ය ශූන්ය කුරුඳු සැකසුම් මධ්යස්ථානයක් (Centralized Zerowaste Biomass Cinnamon Processing Centre) රුහුණ විශ්වවිද්යාලයේ මාපලාන කෘෂි විද්යාපීඨ ඉඩම් පරිශ්රයෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
එම ව්යාපෘතිය මාස 27ක කාලසීමාවක් තුළ අදියර හතරකින් යුත් සංවර්ධන ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.