Tuesday, July 14, 2026
Follow Us
බිම්ස්ටෙක් කෘෂිකර්ම රැස්වීම ලබන වසරේ ශ්‍රී ලංකාවේදී
2027 මාර්තු 17 සහ 18 යන දෙදින තුළ හතර වන බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්යවරුන්ගේ රැස්වීම සහ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මෙරට දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
 
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුල පිරීම (BIMSTEC) යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය යන දකුණු ආසියාතික සහ නැගෙනහිර ආසියාතික රටවල් 07 කින් සැදුම්ලත් කලාපීය සංවිධානයකි.
 
බෙංගාල බොක්ක ආශ්රිත රටවල් අතර ආර්ථික සහයෝගිතාව ප්රවර්ධනය කිරීම එම සංවිධානයේ ප්රමුඛ අරමුණ වේ. කෘෂි කර්මාන්තය බිම්ස්ටෙක් සාමාජික රටවල්වල රැකියා සඳහා මූලික මූලාශ්රයක් වීම සහ තිරසර සංවර්ධනය හා කලාපීය ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂි කර්මාන්තය හා ඒ ආශ්රිත අංශ වල වැදගත්කම සැලකිල්ලට ගෙන බිම්ස්ටෙක් සහයෝගිතාවයේ එක් අංශයක් ලෙස කෘෂිකර්මාන්තය එක් කරනු ලැබ තිබේ.
 
ඒ යටතේ බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්යවරුන්ගේ රැස්වීම සහ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම වසර 02 කට වරක් පවත්වනු ලබන අතර, එහි හතරවන රැස්වීම ශ්රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව,