2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2026.07.24 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 වන සඳුදා දින ආරම්භ වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 2026.07.31 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.08.03 වන සඳුදා දින ආරම්භ වේ.