ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන්හිදී ප්රයෝජනයට ගැනීමේ අරමුණින් ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල ජනාධිපති මන්දිර කිහිපයක් පවත්වා ගෙන යනු ලැබුව ද එම මන්දිර වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත කරනු නොලබයි.
ඉතා ඉහළ වාස්තු විද්යාත්මක හා ආර්ථික වටිනාකම් සහිත එම මන්දිර අංග සම්පුර්ණ පහසුකම් වලින් සහ ආකර්ශනීය ආකාරයේ බිම් සැකසුම් වලින් සමන්විත වේ.
දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන එකී මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම හා අනෙකුත් වියදම් සඳහා රාජ්ය මුදල් සැලකිය යුතු ලෙස වැය කළ යුතුව ඇත.
එබැවින්, රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්ය ක්රම වේදයක් හඳුන්වා දීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, බෙන්තොට,කතරගම, මහිංයගනය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්රදේශවල පිහිටා ඇති ජනාධිපති මන්දිරයන් සංචාරක ක්ෂේත්රයේ ආයෝජන ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවා සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත බැහැර කිරීම ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබේ.