5 ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගය අගෝස්තු මස 9 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත අතර මධ්යස්ථාන 2723 කදී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
විභාගය සදහා අයඳුම් කළ අපේක්ෂකයින්ගේ ලේඛනය කලාප අධ්යාපන කාර්යාලය වෙත යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසූවාය.අයඳුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට ඇත්නම් ජුලි මස 23 වැනි දින සිට අගෝස්තු 3 වැනි දින දක්වා www.doenets.lk වෙත පිවිස "අපගේ සේවා" යටතේ සිදුකර ගත හැකියි.