රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියන කතාව
ඉදිරි සති දෙක තුළ දී පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයිම සහ නියාමනය කිරිම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
අද පෙරවරුවේ අනුරාධපුරයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සමස්ත ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, ඒ අනුව එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් 11,695,465ක්.
මේ අතර, පුද්ගලයින් 62,008 දෙනෙකුට ඊයේ දිනයේ දී එන්නත් ලබා දී තිබෙනවා.
(Aruna)