Saturday, February 21, 2026
Follow Us
උසස් පෙළ සිසුන් ට සුභම සුභ ආරංචියක්

විදුහල්පති සංගමය උසස් පෙළ සිසුන්ගේ පිහිටට එයි


උසස් පෙළ විභාගයට ඇයැදුම් පත් ඉදිරිපත් කිරීමට තීරණය ගැනීමත් ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් ඉදිරිපත් නොකර සිටීමටත් තීන්දු කළේ මේ රටේ පාසල් දරුවන්ගේ අනාගතය ගැන සිතා බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව පවසනවා.

ඔහු මේ බව පැවැසුවේ අද(20) අරුණ වෙබ් අඩිවියට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යටතේ ශිෂ්‍යත්ව දරුවන්ට ඉගැන්වීම සාර්ථක ක්‍රමයක් නොවන බව මෙහිදී ඔහු අවධාරණය කරනවා.

පාසල් ආරම්භ නොකර කඩුමුඩියේ ශිෂ්‍යත්ව විභාගය තැබීමෙන් ගම්බද දක්ෂතා ඇති දරුවන්ට බරපතල අසාධාරණයක් වන බව පෙන්වා දෙන ඔහු පාසල් ආරම්භ කර මාස 3ක් ගත වූ පසු ශිෂ්‍යත්ව විභාය පැවැත්විය යුතු බව පෙන්වා දෙනවා.

(Aruna)