රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත් මාත්‍රා 120,000ක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙම එන්නත් ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් V පළමු මාත්‍රාව ලබාගෙන සිටින ජනතාවට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීම අනිද්දා සිට ආරම්භ කෙරෙන බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ.
ඒ අනුව ස්පුට්නික් එන්නත් ලබාදුන් සියළු දෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් කෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
(LNW)