අමාත්‍යාංශයක සහ රාජ්‍ය අමාත්‍යාංශ දෙකක විෂය පථයන් ගැසට් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
රට තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති පසුබිමක ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අද නව සභාපතිවරයෙකු පත් කෙරෙනවා. මෙලෙස එම ධූරයට පත් කෙරෙන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසායි.
ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙරුණා.
සතිඅන්තයට පෙර ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්පසු තවදුරටත් පෝලිම්ල රස්තියාදු නොවී ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ කරනවා.
ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ සියලු රාජ්‍ය ආයතනවල ඉන්ධන හා විදුලිය භාවිතය අවම කිරීමට තීරණය කර තිබෙනවා. මීට අදාලව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන් හට දීර්ඝ කාලීන වීසා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
Page 219 of 647