කම්කරු ඇමති අද පාර්ලිමේන්තුවේදී කළ කතාව
රාජ්‍ය සේවකයින්‌ට ලබාදෙන ප්‍රතිලාභ පුද්ගලික අංශයේ සේවකයින්ටත් ලැබෙන පරිදි කම්කරු වන්දි ආඥා පනත සංශෝධනය කර ඇත.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ රජයේ සේවකයෙකු සේවයට පැමිණෙන අවස්ථාවේ දී අනතුරට ලක්වුවහොත්, සේවය අවසන් කර නිවසට යන අවස්ථාවේ දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් ගෙවනු ලබන වන්දිය පෞද්ගලික සේවකයින්ට ද ලැබෙන ලෙස සේවක ආඥා පනතේ වගන්තියක් සංශෝධනය කළ බවයි.
එමෙන්ම සේවයේ නිරතව සිටියදි සිදුවන අනතුර සම්බන්ධයෙන් ගෙවන ලබන වන්දිය රුපියල් ලක්ෂ සිට සිට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකර ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ සදහා වූ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
(Aruna)